News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
30

ජනමතයට බය එජාපය පළාත් සභා ඡන්දය කල් දමා ගන්න අසාර්ථක උත්සාහයක යෙදෙනවා – ශාන්

463 Views


ජනමතයට බය එජාපය පළාත් සභා ඡන්දය කල් දමා ගන්න අසාර්ථක උත්සාහයක යෙදෙනවා – ශාන්

ජනමතයට බය එජාපය පළාත් සභා ඡන්දය කල් දමා ගැනීමට සිය පසුපෙළමන්ත්‍රීවරුන් යොදා ගනිමින් අසාර්ථක උත්සාහයක මේ වන විට යෙදී සිටින බව දකුණු පළාත් සභා ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් ද සිල්වා මහතා ප්‍රකාශ කරනවා.

අද දින උදෑසන ගාල්ලේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙසේ ප්‍රකාශ කලේය,

“දැන් පළාත් සභා ඡන්දය පැවැත්වීමේ අවශ්‍යතාවය රටට තදින් දැනෙන්න පටන් අරන් තියනවා. ඒ සඳහා සියලු දෙනා පෙළ ගැසෙමින් සිටිනවා. එජාපය හැර අනිත් සියලු දෙනා මේ මැතිවරණය පැවැත්වීමට එකඟයි. නමුත් එජාපය මෙයට කැමති නෑ. ඒ අය දන්නවා මේ අවස්ථාවේ දී ඡන්දයකට යාමෙන් ඔවුන් ට අත්වන ඉරණම. එහෙම කියා රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැති කිරීමට ඔවුන්ට අවස්ථාවක් නෑ.

දැන් එජාපය කියනවා. ජනාධිපතිවරණය පවත්වන්න කියලා. නමුත් ජනාධිපතිවරණයට ඕනෑ තරම් කල් තියනවා. දැනට ප්‍රමාද වී තියෙන්නේ පළාත් සභා මැතිවරණය. එයයි මුලින් තිබිය යුත්තේ. අද එජාපයේ සමහරු අපෙන් අහනවා ජනාධිපතිවරණයට බයයි ද කියලා. අපි කියනවා. මේ රටේ නීතිය අනුව තියන්න තියන මැතිවරණ තියන්න. ඒ පිළිවෙලට අපි සුදානම් මැතිවරණ සඳහා මුහුණ දෙන්න. අපි කවදාවත් මැතිවරණවලට බය පක්ෂයක් නෙවෙයි. ඒක අතීතයේ දීත් අපි පෙන්නුම් කර තියනවා”.


News Articles
Latest Videos
Most Popular Post