සිර ගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් විශේෂ සමාවක් ලබා දී එළබෙන පෙබරවාරි හතරවනදා නිදහස් කිරීමේ සුදානමක් පිළිබඳව වාර්තා උනා.කෙසේ වෙතත් මෙලෙසින් මැතිවරණ වර්ෂයක ඒ හිමියන් නිදහස් කිරීම මගින් රටේ සාමයට බාධාවක් විය හැකි බව මේජර්නී තිඥ අජිත් ප්‍රසන්න සඳහන් කරනවා.ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීමෙන් පසුව ඒ හිමියන් 2015 ජනපතිවරණයට පෙර හැසිරුනු අකාරයටම හැසිරෙමින් ජාතීන් සහ ආගම් අතර සමගිය බිඳිමින් සිය කඳවුරෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා පරාජය කිරීමට උත්සාහ කරනු ඇතැයිද ඒ මහතා ප්‍රකාශ කර සිටියා.