News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
30

බුදු දහමට නිගා කරන ග‍්‍රන්ථයක් ගැන අස්ගිරි මහ නාහිමිගෙන් අනාවරණයක් -බුද්ධ රූපය සහිත වෙසක් සුබ පැතුම්පත් ද තහනම් කළ යුතුයි

614 Views


බුදු දහමට නිගා කරන ග‍්‍රන්ථයක් ගැන අස්ගිරි මහ නාහිමිගෙන් අනාවරණයක් -බුද්ධ රූපය සහිත වෙසක් සුබ පැතුම්පත් ද තහනම් කළ යුතුයි

බුදු දහමට නිගාවන පරිදි රචනා කර ප‍්‍රසිද්ධ කර ඇති ග‍්‍රන්ථයක් තහනම් කරන්නැයි අස්ගිරි මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ‍්‍රී ඥාණරතන හිමියන් රජයෙන් ඉල්ලා සිටිනවා.

බුදු දහමට නිගාවන පරිදි නිමවා ඇති සෙසු නිෂ්පාදන කිහිපයක් පිළිබදව ද මෙහිදී සිහිපත් කෙරුණා.

බුද්ධ රූපය සහිතව මුද්‍රණය කෙරෙන වෙසක් සුබ පැතුම්පත් ද තහනම් කළ යුතු බවයි අස්ගිරි මහනායක හිමියන් වැඩිදුරටත් පැවසුවේ.

එවැනි වෙසක් සුබ පැතුම්පත් අවිධිමත්ව බැහැර කිරීමෙන් පසු බුද්ධ රූපය තැනැත්තන්ට පෑගීමට පවා හැකි බවද මෙහිදී සිහිපත් කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post