News Line| Off Air
Generic placeholder image

Jan
30

මහින්ද නිදහසට නැහැ

1170 Views


මහින්ද නිදහසට නැහැ

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පෙබරවාරි 04 වැනිදා ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන ජාතික නිදහස් දින සමරුම් උත්සවයට සහභාගි නොවන බවට රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් දැනුම්දුන් බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පත්මසිරි පවසනවා.මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වන උදිත් ලොකුබණ්ඩාර ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයාට මේ බව දැනුම්දී තිබෙන බවද ඒ මහතා සඳහන් කලා.හිටපු ජනාධිපතිවරයෙකු,අගමැතිවරයෙකු මෙන්ම වත්මන් විපක්ෂනායක ධුරයද දරන බැවින් මහින්ද රාජපක්ෂ මහතාට නිදහස් උත්සවයට සහභාගි වන්නැයි ආරාධනා පත් යොමුකළ බවද හෙතෙම ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ මහතා නිදහස් උත්සවයට සහභාගි නොවන බවට ඔහුගේ පාර්ශ්වය සිදුකළ දැනුම්දීම පිළිගන්නා බවත්,රාජපක්ෂ මහතාට ආරාධනා නොකළ බවට පැවසෙන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවත් කමල් පත්මසිරි මහතා පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post