සේනා දළඹුවාගේ ව්‍යාප්තිය මාතලේ දිස්ත‍්‍රික්කය තුළ මේ වන විට බොහෝ දුරට පාලනය කර තිබෙන බව එම දිස්ත‍්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්‍ෂ එම්.පී.කේ දොඩන්වල ප්‍රකාශ කරනවා.
සේනා දලඹුවාගේ සීඝ‍්‍ර ව්‍යාප්තිය නිසා සෙසු ප‍්‍රදේශ බොහෝමයක මෙන්ම මාතලේ දිස්ත‍්‍රික්කයේ ද බඩඉරිගු වගාවන්ට හානි සිදු වුණා.
ගොවීන් දැනුවත් කරමින්, විවිධ පලිබෝධ පාලන ක‍්‍රම සහ විලෝපිකයන් ද යොදා ගනිමින් මෙම තර්ජනයට එරෙහිව පියවර ගත් බවයි මාතලේ දිස්ත‍්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් පැවසුවේ.
සේනා නොවන දළඹු විශේෂ කිහිපයක්ද මාතලේ දිස්ත‍්‍රික්කයේ වගාබිම් ආශ‍්‍රිතව හඳුනාගෙන තිබෙනවා.
ඒ සදහා ද පළිබෝධ පාලන ක‍්‍රම හා විලෝපිකයින් යෙදවීමට පරීක්ෂණ සිදු කරන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.