News Line| Off Air
Generic placeholder image

Jan
30

මාලි රාජ්‍යයේ මියගිය විරුවන්ගේ ‌දේහයන් 2 දා ලංකාවට

456 Views


මාලි රාජ්‍යයේ මියගිය විරුවන්ගේ ‌දේහයන් 2 දා ලංකාවට

මාලි රාජ්‍යයේ සාම සාධක හමුදා රාජකාරියේ යෙදී සිටියදී ප්‍රහාරයක් හේතුවෙන් මිය ගිය ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයන් දෙදෙනාගේ දේහයන් පෙබරවාරි 02 දා ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිත බව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනය කරනවා.

කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළට එදින පස්වරු 3.10ට දේහයන් ගෙන ඒමට නියමිත අතර යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා මහතා විසින් භාර ගැනීමට නියමිතයි.

එම අවස්ථාවට ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉහළ නිලධාරීන් මිය ගිය හමුදා නිලධාරීන් දෙදෙනාගේ පවුලේ උදවිය මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක හමුදා නිලධාරීන් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් එක් වීමට නියමිතව තිබෙනවා.

25 වැනිදා සිදුවූ මේ ප්‍රහාරයෙන් එවකට කපිතාන් ධුරයේ සිට පසුව මේජර් ධුරයට උසස් කළ මේජර් එච්.ඩබ්.ඩී. ජයවික්‍රම මහතා සාජන් එස්.එස්. විජේවික්‍රම ජීවිතක්ෂයට පත් වුණා.

ඔවුන්ගේ දේහයන් සහිත පෙට්ටියන් මුලින්ම ඒක්සත් ජාතීන්ගේ කොඩියෙන් හා පසුව ශ්‍රී ලංකා ජාතක කොඩියෙන් අවරණය කරනු තිබෙනවා. දේහයන් යුද හමුදා ආචාර මැද භාර ගැනිමට නියමිතව තිබෙනවා.

ඔවුන්ගේ දේහයන් පසුව ඔවුන්ගේ ගම් වන පොලොන්නරුවට හා පොල්පිතිගමට රැගෙන යෑමට නියමිත ඒහිදී අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post