News Line| Off Air
Generic placeholder image

Jan
30

මේ වසරේ ලංවිම පාඩුව කෝටි 8000යි – විදුලි බිලට වෙන දේ ගැන රවීගෙන් හෙළිදරව්වක්

676 Views


මේ වසරේ ලංවිම පාඩුව කෝටි 8000යි – විදුලි බිලට වෙන දේ ගැන රවීගෙන් හෙළිදරව්වක්

ලංකා විදුලි බළ මණ්ඩලය කිසිදිනෙක පුද්ගලිකරණය නොකරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරනවා.

එතුමා මේ බව සඳහන් කළේ අද (30) පෙරවරුවේ තලංගම ලංවිම පාරිභෝගික සේවා මධස්ථානය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමින්ය.

මේ වසරේ ලංකා විදුලි බළ මණ්ඩලයේ ඇස්තමේන්තුගත අලාභය කෝටි අටදහසක් බවත්, එය මහවැලියක් ඇති කිරීමට යන වියදමක් බවත් ඔහු කියා සිටියේය.

කෙසේ වූවත් විදුලි බිල වැඩි කිරීමට තමා ඉඩ නොදෙන බවත්, මාස 06 ක් යන්නට මත්තෙන් ලංවිම විශිෂ්ඨ ගණයේ ආයතනයක් බවට පත්කරන බවත් ඔහු සඳහන් කලේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා ප්‍රකාශ කර සිටියේ,

“අපේ රාජ්‍ය ආදායම බිලියන 2200. ඒකෙන් බිලියන 860 ක් රජයේ සේවකයන්ට. තව බිලියන 240 ක් විශ්‍රාම වැටුප් වලට. තවත් බිලියන 1200 ක් රාජ්‍ය ණය වලට. මේ වියදම් තුන ගියාම රට බංකොලොත්. ඉතින් කොහොමද අපි රට දියුණූ කරන්නේ. නමුත් පොඩි දේවල් වලට අපේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ සටන් පාඨ හදාගෙන වර්ජන වලට යන එක ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රියාවක්. නමුත් මේ ප්‍රජාතන්ත්‍රවාදයට පුළුවන්ද රට දියුණූ කරන්න. ඒ සටන්පාඨ වලට පුළුවන්ද රැකියා අවස්ථා ලබාදෙන්න. ඒකෙන් වෙන්නේ වසර ගනනාවක් අපේ ජීවිත පස්සට යන එකයි. මේ තත්වය අපි වෙනස් කළ යුතුයි” යනුවෙන්ද සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post