News Line| Off Air
Generic placeholder image

Jan
30

වෙලේ සුදාගේ අභියාචනය සළකා බැලේ

677 Views


වෙලේ සුදාගේ අභියාචනය සළකා බැලේ

ප‍්‍රධාන පෙලේ මත්කුඩු ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන වෙලේසුදා නොහොත් සමන්ත කුමාර තමන්ට නියම කර ඇති මරණ දඩුවමට එරෙහිව ගොනු කළ අභියාචන පෙත්සම අභියාචනාධිකරණයේ දී විභාගයට ගැනීම අද ආරම්භ වුණා.

ඒ, දීපාලි විජේසූරිය සහ අචල වෙංගප්පුලි යන ද්වී පුද්ගල විනිසුරු මඩුල්ල හමුවෙයි. මෙම අභියාචනය පිළිබද වැඩිදුර විභාගය හෙට (31) දිනට කල් තැබුණා.

වෙලේසුදා නොහොත් සමන්ත කුමාරට මරණ දඩුවම නියම කෙරුණේ කොළඹ මහාධිකරණය ඉකුත් 2015 වසරේ ඔක්තෝබර් මස 14 වනදා ලබාදුන් නියෝගයකින්.

හෙරොයින් ග‍්‍රෑම් 07.5ක ප‍්‍රමාණයක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් එහිදී ඔහු වරදකරු කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post