News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
30

ශ්‍රී ලංකා කණ්ඩායමේ ‘A’ ප්‍රධාන පුහුණුකරු ජාතික කණ්ඩායමට කැඳවයි

1365 Views


ශ්‍රී ලංකා කණ්ඩායමේ ‘A’ ප්‍රධාන පුහුණුකරු ජාතික කණ්ඩායමට කැඳවයි

සාර්ථක ශ්‍රී ලංකා ක්‍රිකට් ‘ඇ’කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ අංශයේ පුහුණුකරු ලෙස පත්කර තිබේ.

ඒ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ අංශයේ පුහුණුකරු ලෙස කටයුතු කළ ජෝන් ලෙවිස් හදිසි කාරණාවක් හේතුවෙන් ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තරගාවලිය අතුරතුර ඉවත්වීම නිසාවෙන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (29) පෙන්වා දුන්නේ පවුලේ කාරණාවක් මුල්කරගෙන ඇති වූ හදිසි තත්ත්වයක් නිසා ඔහු මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරගයේදී අවිශ්ක ගුණවර්ධන ජාතික කණ්ඩායම සමග කටයුතු කරනවා.

කෙසේවෙතත් ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගාවලියේදී ජෝන් ලෙවිස් යළිත් ශ්‍රී ලංකා කණ්ඩායම සමග එකතු වෙන බවයි දැනුම් දී ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post