News Line| Off Air
Generic placeholder image

Jan
30

වැඩියෙන් මුදල් ගන්නා විදුහල්පතිවරු සම්බන්ධයෙන් 1988ට දැනුම් දෙන්න

632 Views


වැඩියෙන් මුදල් ගන්නා විදුහල්පතිවරු සම්බන්ධයෙන් 1988ට දැනුම් දෙන්න

පහසුකම් හා සේවා ගාස්තු බව අඟවමින් අනුමත පහසුකම් හා සේවා ගාස්තුවලට අමතරව අධික මුදලක් චක්‍රලේඛ උල්ලංඝනය කරමින් අයකරන විදුහල්පතිවරු සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දී තිබෙනවා.

පහසුකම් හා සේවා ගාස්තු අයකිරීමේ දී එම මුදල ජාතික පාසලක් නම් අධ්‍යාපන ලේකම්වරයාගෙන් සහ පළාත් පාසලක් නම් පළාත් අධ්‍යාපන ලේකම්වරයාගෙන් අනුමත කරගත යුතු අතර, එසේ නොමැතිව තම අභිමතය පරිදි චක්‍ර ලේඛ පවා උල්ලංඝනය කරමින් ඇතැම් ජාතික පාසල් කිහිපයක විදුහල්පතිවරුන් මුදල් අයකර ගන්නා බවටෙ තොරතුරු ලැබී ඇතැයි අමාත්‍යවරයා පවසනවා.

එසේ මුදල් එක්රැස් කරන විදුහල්පතිවරු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙසද අධ්‍යාපන අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

මීට අමතරව මේ සම්බන්ධ පැමිණිලි අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්ෂණික දුරකථන අංක 1988 ඔස්සේ දැනුම්දිය හැකිය.


News Articles
Latest Videos
Most Popular Post