News Line| Off Air
Generic placeholder image

Jan
31

ජනපති මියයන බවට අනාවැකි කී විජිත රෝහණට අධිකරණයෙන් අද ලැබුණු නොසිතූ තීන්දුව

630 Views


ජනපති මියයන බවට අනාවැකි කී විජිත රෝහණට අධිකරණයෙන් අද ලැබුණු නොසිතූ තීන්දුව

අන්තර්ජාලය ඔස්සේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මිය යන දිනයක් අනාවැකියක් ලෙසට සදහන් කරමින් මහජනයා තුළ අසන්තෝෂයක් ඇති කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ජෝතිෂ්‍යවේදියෙකු ලෙසට පෙනි සිටින විජිත රෝහණ විජයමුණි නැමැත්තාට එරෙහි නඩු කටයුතු වලින් ඔහු නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (31) නියෝග කරනු ලැබුවා.

ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මෙම නියෝගය නිකුත් කළේ සැකකරුට එරෙහිව ඉදිරි නීතිමය පියවර නොගන්නා බවට නීතිපතිවරයා ලබා දී ඇති උපදෙස් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවය.

මෙම සැකකරු විසින් ජනාධිපතිවරයා 2017 වසරේ ජනවාරි මස 26 දා මිය යන බවට අනාවැකියක් පල කර පසුව එය වෙනත් දිනක සිදු වන බවට නැවත අන්තර් ජාලයේ ප්‍රචාරය කර ඇති බවට පොලිසිය චෝදනා ගොනුකර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post