වේගයෙන් පුහුණු කළ හැකි හොඳ මානව සම්පතක් අප සතුව පවතින නමුත් තවමත් අපේ රට තුළ වෘත්තීකයින් බිහිකිරීමේ ප්‍රවණතාව ප්‍රමාණවත් නොවන බව, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරනවා.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, 13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන යටතේ ජාතික සහ පළාත් පාසල්වල උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව ඉගැන්වීම සඳහා ශ්‍රි ලංකා ගුරුසේවයේ 3-1 ශ්‍රේණියට බඳවාගත් ගුරුවරුන් 123 දෙනෙකු වෙත පත්වීම් ප්‍රදානය කිරීම වෙනුවෙන් අද (31) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති නිල උත්සව අවස්ථාවට එක්වෙමින්.
මෙහිදි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ,
අධ්‍යාපනය තුළින් ලබාගන්නා දැනුම ප්‍රායෝගික ජීවිතයට යොදාගන්නා මට්ටම අනුව කෙනෙකුගේ සාර්ථකත්වය තීරණය වන බවත්, සාමාන්‍ය පෙළින් කවර ප්‍රතිඵලයක් ලබාගත්තත් තමන් වඩාත් දක්ෂතා දක්වන ක්ෂේත්‍ර ඔස්සේ ඉදිරියට යාමේ අවස්ථාව අපේ රටේ දරුවන්ට ලබාදෙමින් 13 වසරක අධ්‍යාපන වැඩසටහන අධ්‍යාපන පද්ධතිය වෙත හඳුන්වාදිම මගින් වසර දෙකක් තුළ උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව අවසන් කරන සිසුන්ට අනාගතයේ දී වෘත්තීක ජීවිතය සාර්ථක කරගැනීම පහසු ඉලක්කයක් වන බවත්ය .