වයඹ සංවර්ධන අධිකාරිය යටතේ පිහිටුවා ඇති හෝටල් පාසලේ අඩුපාඩුවක්ව පවතින ශිෂ්‍ය නේවාසිකාරය සඳහා මුල්ගල තැබීමේ උත්සවය වයඹ පළාත් ගරු ආණ්ඩුකාරවර පේෂල ජයරත්න බණ්ඩාර මැතිතුමාගේ ගෞරවනීය ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ගැහැණු හා පිරිමි වශයෙන් ශිෂ්‍ය නේවාසිකාගාර දෙකක් ඉදිකිරීමට නියමිත අතර එම නේවාසිකාගාර සඳහා දෛනික සේවා හා නඩත්තු සැපයීම හෝටල් පාසලේ ශිෂ්‍යයින් හරහාම සිදුකිරීම මගින් හෝටල් ක්ෂේත්‍රය පිළිබඳ මනා ප්‍රායෝගික පුහුණුවක් ලබා දීම අරමුණයි.
උත්සව සභාව අමතමින් අදහස් දැක්වූ ගරු ආණ්ඩුකාරතුමා සඳහන් කර සිටියේ වර්තමාන ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ශක්තියක් ලබාදීම සඳහා සේවා අංශය දියුණු කරමින් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය සේවාවන් ලබා දීමේ වයඹ පළාත් පුහුණු ආයතනයේ ශිෂ්‍ය නේවාසිතාගාරයේ මුල්ගත තැබීමට ලැබීම පිළිබඳ සතුටුවන බවයි.
ලංකාවේ ආර්ථිකව ප්‍රධාන වශයෙන්ම රඳා පවතින්නේ කෘෂිකර්මාන්ත අංශය තුළ නමුත් අපි උත්සහ කරන්නේ ඒ තුළින්ම අපේ කර්මාන්ත දියුණු කරන්න. නමුත් අපේ ඒ උත්සහය නිදහසෙන් වසර 71 වන වේලාවකවත් සම්පූර්ණ කරගන්න බැරි වෙලා තිබෙනවා. ඒ නිසා අපි අපේ රටේ ආර්ථීකය ප්‍රවර්ධනය කිරීම සඳහා වඩාත් සංවේදී අංශ මොනවාද යන්න තව තවත් සොයා බැලිය යුතු කාලය එළැබ තිබෙනවා.
විශේෂයෙන් සංචාරක කර්මාන්තය උදෙසා ප්‍රවර්ධනය කළ හැකි බොහෝමයක් දේවල් අපේ රටේ තිබෙනවා. ස්වභාවික පරිසරය වාගෙම ඓතිහාසික උරුමයන් ද ඒ අතර වෙනවා. ඒ සඳහා පසුබිම නිර්මාණය කර සේවා ප්‍රාගුන්‍ය වර්ධනය කළ යුතුයි. සංචාරක කර්මාන්තයේ සේවා ඵලදායීතාවය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය ප්‍රධානතම සාධකය වන්නේ නිසි පුහුණුව. වයඹ පළාත් සභාව දුරදක්නා නුවනින් යුතුව ආරම්භ කළ මේ හෝටල් පාසල මුලු මහත් ශ්‍රී ලංකාවේම සංචාරක කර්මාන්තයේ දියුණුව උදෙසා දායකත්වය ලබා දිය හැකි ආයතනයක් බව ඉතා සතුටින් මෙහිදී සහන් කරන්න කැමතියි. හෝටල් කළමණාකරනය පිළිබඳ ඉගෙන ගන්නා දරුවෙක් උදෑසන අවදි වූ වේලාවේ පටන් රාත්‍රී නින්දට යන අවස්ථාව දක්වා ක්ෂේත්‍රයේ සියලුම දේවල් අධ්‍යයනය කිරීම වැදගත් වෙනවා. ආගන්තුක සත්කාරය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගත හැකි වන්නේ සාමූහිකව අධ්‍යයනය කිරීම තුළින්. ඒ නිසා සවිඥානිකව දැනුම හා අත්දැකීම් ලබාගන්න පුළුවන් වන්නේ නේවාසික පුහුණුව තුළින්. ඒ සඳහා මෙවැනි ශිෂ්‍ය නේවාසිකාගාරයක් ලබා දීමට හැකිවීම පිළිබඳ අපි සියලු දෙනාම සතුටු විය යුතුයි.
වයඹ සංවර්ධන අධිකාරියේ සභාපති, ආනමඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ආනන්ද සරත් කුමාර, වයඹ පළාත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වේඬරුව ඇතුලු පළාත් රාජ්‍ය නිළධාරීන් මේ අවස්ථාවට සඳහා සහභාගී වූහ.