News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
31

සුරංග ලක්මාල්ගේ සහභාගිත්වයත් අවිනිශ්චිතයි

579 Views


සුරංග ලක්මාල්ගේ සහභාගිත්වයත් අවිනිශ්චිතයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම අතර කැන්බරා හි මනූකා ඕවල් පිටියේ හෙට (01දා) ආරම්භවීමට නියමිතයි. දෙවැනි ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම වේග පන්දු යවන්නා වන සුරංග ලක්මාල්ගේ සහභාගිත්වය අවිනිශ්චිත තත්ත්වයට පත්ව තිබෙනවා. ඒ ඔහු කොන්දේ ආබාධයකට ලක්ව තිබෙන නිසාවෙනි.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නනි තිදෙනෙක්ම ආබාධයකට ලක්ව තිබෙනවා. ඒ නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර හා ළහිරු කුමාරයි. සුරංග ලක්මාල්ගේ සහභාගිත්වය අවිනිශ්චිත තත්ත්වයක තිබෙනවා.

ශ්‍රී ලංකා සංචිතයට නම් කළ වේග පන්දු යවන්නන් අතරින් තවත් කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු හා චාමික කරුණාත්න තරගය සඳහා ක්‍රීඩා කිරීමට සුදුසු තත්ත්වයක පසුවෙයි.


News Articles
Latest Videos
Most Popular Post