News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
1

ඇමතිධුර වැඩි කර ගන්න ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට

658 Views


ඇමතිධුර වැඩි කර ගන්න ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට

ජාතික ආණ්ඩුවක් බිහි කර අමාත්‍යධූර සංඛ්‍යාව වැඩි කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමේ යෝජනාවක් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත අද (01) භාර දී තිබේ.

සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසින් එම යෝජනාව අද උදැසන භාරදී ඇත.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(4) වගන්තිය අනුව කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 48 ක් නොඉක්මවිය යුතු අතර, කැබිනට් නොවන අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව 45ක් නොඉක්මවිය යුතු බවට පාර්ලිමේන්තුව තීරණය කර ඇති බව එම යෝජනාවේ අන්තර්ගත වේ.


News Articles
Latest Videos
Most Popular Post