News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
1

ක්‍රීඩා ඇමති ක්‍රිකට් කණ්ඩායම හමුවට

682 Views


ක්‍රීඩා ඇමති ක්‍රිකට් කණ්ඩායම හමුවට

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ ඔස්ට්‍රේලියාවට‌ ‌‌ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් අතර හමුවක් පවත්වා තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුළ මේ වන විට ගැටලු කිහිපයක්ම ඇතිව තිබෙන අතර ඒ පිළිබඳව සාකච්ඡා කිරිමට අමාත්‍යවරයා මෙසේ ඔස්ට්‍රේලියාවට ගොස් තිබේ.

ක්‍රිකට් කණ්ඩායම හමුවිමෙන් අනතුරුව ඔවුන්ට විශ්වාසය ලබාදුන් බවත් කණ්ඩායමට අවශ්‍ය සහාය ලබාදෙන බව තමන් සඳහන් කළ බවත් අමාත්‍යවරයා පවසනවා.

එසේම, තමන් ඔස්ට්‍රේලියාවට ගියේ තම පෞද්ගලික මුදිලින බවත් ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් ලබානොගත් බවත් සඳහන් කළේය.

මේ අතර කැන්බරා පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය නැරඹීම සඳහාත් ක්‍රීඩා අමාත්‍යවරයා එක්ව සිටියා.


News Articles
Latest Videos
Most Popular Post