News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
1

නිදහස් දින සැමරුමට ෆොන්සේකා නැති හේතුව මෙන්න

585 Views


නිදහස් දින සැමරුමට ෆොන්සේකා නැති හේතුව මෙන්න

ජාතික නිදහස් දින උත්සවයට හිටපු අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සහභාගි නොවනු ඇතැයි වාර්තා වෙනවා.

නිදහස් දින උත්සවයට සහභාගි වන්නැයි ආරාධනා කරමින් ෆොන්සේකා මහතාට ආරාධනා පත්‍රයක් ඊයේ වනතුරුද ලැබී නොතිබිණි.

මේ සම්බන්ධයෙන් ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ තමාගේ තනතුරට අදාළ නිසි ගෞරවාචාර නොලැබෙන්නේ නම් නිදහස් දින උත්සවයට සහභාගි නොවන බවයි.

ෆීල්ඞ් මාර්ෂල් නිලය දරන්නකුට ඊට අවශ්‍ය ගෞරවාචාර දැක්වීමට සියලු දෙනා බැඳී සිටින බව කී ෆොන්සේකා මහතා ලෝකය පුරාම ක්‍රියාත්මක වන්නේ ඒ තත්ත්වය බව ද සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post