මෙතෙක් පැණිබීම සදහා පනවා තිබූ වර්ණ සංකේත ක‍්‍රමය ලබන අපේ‍්‍රල් මස පළමු වනදා සිට සියලූ ඝණ ආහාර සදහාද ක‍්‍රියාත්මක කිරීමට ඝණ ආහාර දේශීය නිෂ්පාදකයින් එකගතාවය පල කර තිබෙනවා
ඔවුන් එම එකගතාවයට එළඹ ඇත්තේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග අද පැවති සාකච්ඡාවකදීයි
එම නිෂ්පාදකයින් සදහන් කලේ බෝ නොවන රෝග පාලනය කිරීීමේ අරමුණින් එම පියවර ගන්නා බවයි.
මෙම වර්ණ සංකේත ක‍්‍රමය යටතේ බිස්කට් සහ බේකරි නිෂ්පාදන ඇතුලූ සියලූ ඝණ ආහාර වල අධික ලෙස සීනි ලූණු සහ මේදය අඩංගු වන්නේ නම් ඊට අදාල වර්ණ සංකේතයක් ආහාර ලේබලයේ ප‍්‍රධාන රාමුවේ ප‍්‍රදර්ශණය කල යුතුයි.
ආහාර පනත යටතේ ක‍්‍රියාත්මක මෙම ක‍්‍රමවේදය තුලින් ආහාර මිලදී ගැනීමේදී ඒ පිලිබදව අවධානය යොමු කිරීමට ජනතාවට හැකි වනවා.
පැණිබීම සදහා වර්ණ සංඛේත ක‍්‍රමය ක‍්‍රියාත්මක වන්නේ පසුගිය 2017 වසරේ සිටයි.