News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
1

බීමත් රියදුරන් හඳුනාගන්න උපකරණයක් නිපදවූ ඇඹිලිපිටියේ පාසල් සිසුවා

1009 Views


බීමත් රියදුරන් හඳුනාගන්න උපකරණයක් නිපදවූ ඇඹිලිපිටියේ පාසල් සිසුවා

ඇඹිලිපිටිය ජනාධිපති විදුහලේ 10 වසරෙහි අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙකු ශරීරගත ඇල්කොහොල් පුතිශතය හදුනා ගැනිමේ උපකරණයක් නිර්මාණය කර තිබේ.

ඔහු දසුන් සත්සර සෙනරත් රත්නායකයි.

නවින ආර්නෝඩි තාක්ෂණයෙන් නිර්මාණය කර ඇති මෙම උපකරණයේ ඇති විද්‍යුත් තිරය සාමාන්‍ය තත්වයේ පවතින විට පෙන්වන්නේ ඒකක 300 අගයයි.

එම උපකරණය ට සම්බන්ධ කර ඇති සෙන්සර් කොටස මත්ද්‍රව්‍ය පානය කර ඇති අයෙකුගේ මුවට ලංකර ප්‍රාශ්වාස කල විට තත්පර කිහිපයක් තුල අගය ඒකක 500 න් ඉහලට ගමන් කරයි

එය ඇල්කොහොල් මට්ටම අනුව 500 සිට 800 පමණ දක්වා විද්‍යුත් තිරයේ පෙන්වයි.

එහෙත් මත්ද්‍රව්‍ය ලබා නොගත් අයෙකු එහි සෙන්සර් කොටසට ප්‍රාශ්වාස කළ විට අගය ඒකක 300න් පහලට ගමන් කරයි.
විද්‍යුත් ආරෝපනය මගින් මෙම උපකරණය පැය විසිහතරක කාලයක් ක්‍රියාත්මක කල හැකි අතර එය අතේ ගෙන යා හැකි මටිටමේ කුඩාවට නිමවා තිබෙනවා.

ගොවි පවුලකු දරැවකු වන මෙම සිසුවා ආර්ථික ගැටළු මධ්‍යයේ වුනත් මෙය නිර්මාණය කර ඇත්තේ ස්වයං අධ්‍යයනයන් තුල විම විශේෂයක්..

රොබෝ යන්ත්‍රයක් ඇතුළු විද්‍යුත් උපකරණ ගණනාවක් ඔහු නිර්මාණය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post