ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග කැනබරා හිදි අද (01) ආරම්භ වු දෙවන ටෙස්ට් තරගයේදි ශ්‍රි ලංකා කණ්ඩායමේ නවක වේග පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවිම හමුවේ ඕස්ට්‍රේලියානු පිතිකරුවන් දැඩි අසිරු තාවයකට මුහුණ පා සිටිනවා.කාසියේ වාසිය දිනු ඕස්ට්‍රේලියානු නායක මුලින්ම ලැබුවා පහර දිමට තිරණය කරනු ලැබුවා.කෙසේ වුවත් ඔහුගේ තිරණය නිවැරදි නොවන බවට පසක් කර දෙමින් ශ්‍රි ලංකා පිලේ විශ්ව පෙරේරා සහ අද දිනයේදි ටෙස්ට් වරම් හිමිකර ගත් චාමික කරුණාරත්නගේ දක්ෂ පන්දු යැවිම හමුවේ ඕස්ට්‍රේලියාවේ මුල් පෙලේ පිතිකරුවන් තිදෙනාම ලකුණු 28ක් තුලදි දවා ගැනිමට සමත්කම් දැක්වූවා.
තරගයේ ලකුනු පුවරුව පහතින්.