News Line| Off Air
Generic placeholder image

Feb
1

ශ්‍රී ලංකා ජනරජය කිව්වාම ‌‌‌‌හොඳටම ඇති

628 Views


ශ්‍රී ලංකා ජනරජය කිව්වාම ‌‌‌‌හොඳටම ඇති

ශ්‍රී ලංකාව හැඳින්වීමේදී ‘ශ‍්‍රී ලංකා ජනරජය’ නමින් හැඳින්වීම ප්‍රමාණවත් වන බව ජාතික හෙළ උරුමයේ අදහස වී ඇතැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවනවා.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රක සමාජවාදී ජනරජය ලෙසින් හැඳින්වෙන අතර එය ශ්‍රී ලංකා ජනරජය නමින් හැඳින්වීම ප්‍රමාණවත් බව අමාත්‍යවරයා සඳහන් කරනවා.

මාතර වැලිගම වෙරළ උද්‍යානය නිරීක්‍ෂණ චාරිකාවකට සහ නාගරික සංවර්ධන මඟින් ඉදිකරන ලද නව මාළු වෙළඳසැල් වැලිගම නගර සභාවට පවරාදීමේ අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමෙන් අදහස් දැක්වූ අමාත්‍ය මනෝ ගනේෂන් මහතාද සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව හැඳින්වීමේදී ශ්‍රී ලංකා ජනරජය ලෙසින් පමණක් හැඳින්වීම සම්බන්ධයෙන් තමන්ද අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාත් සමග එකඟ වන බවයි.

“අපේ පක්ෂයත් කියන්නේ මෙම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ශ‍්‍රී ලංකා ජනරජය කියන එක වෙනුවට නිකම්ම ශ‍්‍රී ලංකා ජනරජය කියලා නම් කරන්න කියලා.

ඒක මේ නම වෙනස් කරන්න කියලා බොරු මගඩි කි‍්‍රයාදාමයකින් මාධ්‍යවලින් රට නොමග යනවා. ශ‍්‍රී ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී, සමාජවාදී එහෙම නැත්නම් සමාජවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී කෑලි අතඇරලා ශ‍්‍රී ලංකා ජනරජය කියල හැඳුන්නුවහම හොඳටම ඇති’ යැයි පෙරකාශ කළේය.


News Articles
Latest Videos
Most Popular Post