News Line| Off Air
Generic placeholder image

Feb
2

නොමිලේ Download කළොත් ‘‘රම්බා‘‘ පරිගණකයට..! – මේ දවස් වල පැතිරෙන අලුත්ම වෛරසය ගැන අලුත්ම විස්තර

1938 Views


නොමිලේ Download කළොත් ‘‘රම්බා‘‘ පරිගණකයට..! – මේ දවස් වල පැතිරෙන අලුත්ම වෛරසය ගැන අලුත්ම විස්තර

වින්ඩෝස්‌ මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කර තිබෙන පරිගණක ආශ්‍රිතව මේ දිනවල පැතිර යන වෛරසයක්‌ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන්නැයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

විශේෂයෙන්ම වින්ඩෝස්‌ 7, 8.1 සහ 10 වැනි මෙහෙයුම් පද්ධති වලට මෙම පරිගණක වෛරසය මඟින් බාධා එල්ල විය හැකි බවයි එම සංසඳය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

“රම්බා” ලෙස හඳුන්වන මෙම වෛරසය අන්තර්ජාලය ඔස්‌සේ නොමිලේ සිදුකෙරෙන බාගත කිරීම් හරහා මෙන්ම විද්යුත් තැපෑල හරහාද (E මඉල්) මඟින්ද ඇතුල් විය හැකි බවයි එම සංසදයේ තොරතුරු ආරක්‍ෂක ඉංජිනේරු රවිඳු මීගස්‌මුල්ල මහතා ප්‍රකාශ කරන්නේ.

මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීනව තැබීමෙන් මෙම වෛරසයේ බලපෑම එල්ල නොවන බවද ඒ මහතා සඳහන් කළ අතර යම් ආකාරයකින් ඔබගේ පරිගණකයට මෙම වෛරසය මඟින් බලපෑමක් එල්ල වුවහොත් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ 0112-691692 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙසත් ඉල්ලීමක් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post