News Line| Off Air
Generic placeholder image

Feb
2

ලාඳුරු රෝගීන්ගේ වර්ධනයක් – ඔබ ප්‍රවේශම්ද ?

961 Views


ලාඳුරු රෝගීන්ගේ වර්ධනයක් – ඔබ ප්‍රවේශම්ද ?

ශ්‍රී ලංකාවේ ලාඳුරු රෝගින්ගේ ප්‍රමාණය ආසන්න වසර 10ක කාලයේදී වසරකට 2000 බැගින් වර්ධනය වී තිබෙන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරනවා.

2018 වසරේදී ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකින්ම ලාඳුරු රෝගින් 1683ක් වාර්තා වී තිබෙන බවත් එසේ හඳුනාගත් රෝගීන්ලේ වැඩිම ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් (691/ 41%) වාර්තා වී ඇති බවත් එම කාර්යාංශය පෙන්වා දෙනවා.

ලාඳුරු යනු බැක්ටීරියාවකින් බෝවන නිදන්ගත රෝගයක් බවත් ශ්වසන මාර්ගයෙන් නිකුත්වන ආසාදිත බිඳිති මඟින් රෝගය ව්‍යාප්ත වෙන බවත් කාර්යාංහය සඳහන් කරනවා.

එසේම, නිසි ප්‍රතිකාර ලබාගැනීමෙන් රෝගය සුව කළ හැකි බවත් රෝග ලක්ෂණ මතුවී මාස 6ටත් වඩා ප්‍රමාද වී ප්‍රතිකාර සඳහා පැමිණෙන සංඛ්‍යාව 30%ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එම කාර්යාංශය වැඩිදුරටත් පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post