News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
4

පුටින් ගෙන් පණිවිඩයක්

786 Views


පුටින් ගෙන් පණිවිඩයක්

ශ්‍රී ලංකාවේ 71 වැනි ජාතික දිනය වෙනුවෙන් රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කර තිබෙන බව ජනපති මාධ්‍ය අංශය පවසනවා.

රුසියාව සහ ශ‍්‍රී ලංකාව අතර පවත්නා අන්‍යෝන්‍ය ගෞරවය සහ හෘදයාංගම මිත‍්‍රශීලීබව ඉදිරියටත් නොසැලී පවතින බවත් ජනතා අභිලාෂයන් මල් ඵල ගැන්වීම වෙනුවෙන් දෙරට අතර ගොඩනගාගෙන තිබෙන ද්විපාර්ශ්වික සහයෝගීතාවය ඉදිරියේ දී තවදුරටත් වර්ධනය වන බවට විශ්වාසය පළ කරන බවත් ඔහු සඳහන් කර තිබෙන්නේ,

මීට අමතරව ඉන්දීය ජනපති රාම් නාත් ගෝවින්ද් මහතා ඇතුළු රාජ්‍ය නායකයින් කිහිප දෙනෙක්ම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සුබ පැතුම් පණිවිඩ යොමුකර ඇතැයි ජනපති මාධ්‍ය අංශය පවසයි.


News Articles
Latest Videos
Most Popular Post