News Line| Off Air
Generic placeholder image

Feb
4

71 ක් වන ජාතික නිදහස් දිනය අදයි

1194 Views


71 ක් වන ජාතික නිදහස් දිනය අදයි

71 ක් වැන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය කොළඹ ගාලූ මුවදොර පිටියේදී අද (04) පෙරවරුවේ අභිමානවත්ව පැවැත්වෙනවා. ඒ, ජනාධිපතිවරයාගේ සහ අග‍්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන්.

මෙවර ජාතික දින සැමරුම් උත්සවයේ විශේෂ ආරාධිතයා ලෙස මාලදිවයින් ජනාධිපති ඊබ‍්‍රහිම් මොහොමඞ් සොලීහ් සහභාගී වෙනවා.

නිදහස් සමරු උළලේ ප‍්‍රධාන වැඩකටයුතු සිදු වන ආකාරය පිළිබඳ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පැහැදිළි කිරීමක් සිදු කළා.

ඒ අනුව ආරාධිත අමුත්තන් සියලු දෙනා පෙරවරු 8.00 වන විට අසුන් ගැනීමට නියමිත අතර 8.47ට ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තිය සැලකෙරෙන හොරණෑ වාදනය ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සිදු කරනු ඇති. 8.50ට මගුල් බෙර වාදනය සහ සක් හඬ මධ්‍යයේ ජනාධිපතිතුමා විසින් ඡාතික ධඡය එසවීම සිදු කරනු ලබනවා. 8.52ට සිංහල බසින් ජාතික ගීය ගායනා කෙරෙන අතර ඒ සඳහා පාසල් සිසුවියන් 110 දෙනෙකු සහභාගී වෙනවා.

මේ අතර අද පැවැත්වෙන ජාතික නිදහස් දින සැමරුම් උළලේ ආචාර පෙළපාලිය සඳහා ත‍්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් 5896 දෙනෙකු සහභාගී වීමට නියමිතයි. ශ‍්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් 3872 ක්, ගුවන් හමුදාවේ 932ක් සහ නාවික හමුදාවේ 1091ක් දෙනෙකු ද ඒ අතරට අයත්.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ද ඇතුළුව පොලිස් නිලධාරීන් 920 දෙනෙකු ආචාර පෙළපාලියට එක්වීමට නියමිතයි. සිසුන් දහසකට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන සංස්කෘතිකාංග ද මෙවර නිදහස් දින සැමරුම් උළෙලට එක්කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post