News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
5

ඩොලරය පහළට රුපියල ඉහළට

1097 Views


ඩොලරය පහළට රුපියල ඉහළට

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබූ ශ්‍රී ලංකා රුපියල මේ වන විට තරමක ශක්තිමත් වීමක් පෙන්නුම් කරයි.

ඒ අනුව අද (5දා) ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරක විකුණුම් මිල රුපියල් 178.83ක් ලෙස දැක්වූ අතර, එහි ගැනුම් මිල රුපියල් 174.98ලෙස දැක්වා තිබිණා.

පසුගිය දින කිහිපයේදීම රුපියල ශක්තිමත් වුණා. 1වෙනිදා ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරක විකුණුම් මිල රුපියල් 180.19ක් ලෙස දැක්වූ අතර, එහි ගැනුම් මිල රුපියල් 176.34ලෙස දැක්වා තිබිණි.

31දා ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරක විකුණුම් මිල රුපියල් 181.28ක් ලෙස දැක්වූ අතර, එහි ගැනුම් මිල රුපියල් 177.41 ලෙස දැක්වා තිබිණි.

ඇමෙරිකානු ඩොලරක විකුණුම් මිල 30 දා රුපියල් 182.70ක් ලෙස සටහන් වී තිබූ අතර, එහි ගැනුම් මිල රුපියල් 178.83ක් ලෙස දැක්විණි.

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල පසුගිය දින කිහිපයේදී රුපියල් 183 හා 184 යන අගයන්වල පැවැතිණි.


News Articles
Latest Videos
Most Popular Post