News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
5

දූෂණ කළ ක්‍රීඩකයන්ගේ නම් හෙළිකරන්න – මුරලි

1184 Views


දූෂණ කළ ක්‍රීඩකයන්ගේ නම් හෙළිකරන්න – මුරලි

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුව ඇතැයි පැවැසෙන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවත්වන පරීක්ෂණ සම්බන්ධයන් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළ යුතු බව හිටපු ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සඳහන් කරනවා.

Cricket next පුවත් සේවයට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

“ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එක නමක්වත් එළියට දාන්නේ නෑ. එහෙම නොකරන ඔබ සමස්ත රටකටම චෝදනා කරන්නේ? ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නම් හෙළි කළ යුතුය. ඔබ සමස්ත ජාතිකටම හානියක් කරන්නේ. මේ ක්‍රීඩකයන් මේ දේවල් කරලා තිබෙනවා කියලා ප්‍රසිද්ධියේ කිව යුතුයි. ඔවුන් සාක්ෂි ඉදිරිපත් කළ යුතුයි. ඔවුන්ගේ සැකයට ක්‍රීඩකයන් වැරදි බව කියන්න බෑ. මේ නිසා ක්‍රීඩකයනුත් භය වෙලා ඉන්නේ.”


News Articles
Latest Videos
Most Popular Post