News Line| Off Air
Generic placeholder image

Feb
6

චීන හා රුමේනියා ජාතිකයන් කළ ATM මුදල් වංචාවක් හෙළි වෙයි

728 Views


චීන හා රුමේනියා ජාතිකයන් කළ ATM මුදල් වංචාවක් හෙළි වෙයි

ණයපත් (Credit Card) හා හරපත් (Debit Card) වල ඇති දත්ත සොරාගෙන ව්‍යාජ කාඩ් පත් සකස්කර මුදල් ලබාගැනීමේ ජාවාරමක් පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

ඒ.ටී.එම්. යන්ත්‍රයේ කාඩ්පත ඇතුළත් කරන ස්ථානයේ සියුම් උපකරණයක් සවිකර එම යන්ත්‍රයට ඇතුළත් කරන ණයපත් (Credit Card) හා හරපත් (Debit Card) වල ඇති දත්ත එම උපකරණ මාර්ගයෙන් සැකකරුවන්ගේ ජංගම දුරකතනවලට ලබාගෙන ඇතැයි විමර්ශන වලදී හෙළිව තිබෙන බවත් ඔහු සඳහන් කරයි.

එම දත්ත හරහා ව්‍යාජ කාඩ්පත් සකස්කර මෙම මුදල් ලබාගැනීම සිදුකර ඇත. ජනවාරි 20 දා කොළඹ කොටුව, චැතම් වීදිය ප්‍රදේශයේදි චීන ජාතිකයෙක්, ජනවාරි 21 වැල්ලවත්තේදී තවත් චීන ජාතිකයෙක්, පෙබරවාරි 03 දා පානදුර නගරයේදි රුමේනියානු ජාතිකයෙක්  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට  ගෙන ඇත.

සැකකරුවන් සන්තකයේ තිබී ව්‍යාජ ලෙස සකස්කළ කාඩ්පත් 200ක්, රුපියල් ලක්ෂ 12ක මුදලක්, දත්ත සොරකම් කිරීමට භාවිත කරන උපකරණ දෙකක්ද පොලීසිය සොයාගෙන ඇත. මොවුන් අධිකරණ සඳහා ඉදිරිපත් කිරීමට කටයුතු කර ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයිද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.


News Articles
Latest Videos
Most Popular Post