News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
6

පක්ෂ නායක විරෝධය නොතකා ජාතික ආණ්ඩු යෝජනාව හෙට පාර්ලිමේන්තුවට

614 Views


පක්ෂ නායක විරෝධය නොතකා ජාතික ආණ්ඩු යෝජනාව හෙට පාර්ලිමේන්තුවට

එක්සත් ජාතික පෙරමුණ විසින් ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට අදාළ යෝජනාව හෙට (07දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා.

අද පැවැති පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී ඔවුන් මේ බව සඳහන් කර තිබේ. එම යෝජනාව ගෙන ඒමට බහුතරයක් වන පක්ෂ නායකයන් විරෝධය දක්වද්දී එක්සත් ජාතික පෙරමුණ විසින් අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ඒමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් විවාදයක්ද හෙට පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් තනවම තරග කරමින් ලබාගත් එක් මන්ත්‍රීධුරයක් උපයෝගි කරගෙන ඔවුන් මෙම ජාතික ආණ්ඩු යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම යෝජනාව හරහා කැබිනට් අමාත්‍යධුර සංඛ්‍යාව 30 සිට 48 දක්වාත් රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යධුර සංඛ්‍යාව 40 සිට 45 දක්වා වැඩි කර ගැනීමටත් අපේක්ෂා කරයි.


News Articles
Latest Videos
Most Popular Post