News Line| Off Air
Generic placeholder image

Feb
6

වරායේ ආරක්ෂාව තර කිරිමට යයි

679 Views


වරායේ ආරක්ෂාව තර කිරිමට යයි

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සිදුවන මත්ද්‍රව්‍ය වැටලීම් වලට සමගාමීව කොළඹ වරාය සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව තර කරන ලෙස වරාය, නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා.

වරායේ ආරක්ෂාව තර කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා පොලීසිය සහ අදාළ සියලු ආයතන සමග මනා සම්බන්ධීකරණයෙන් යුතුව කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සියලු නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

රටේ වත්මන් තත්ත්වයට ගැලපෙන පරිදි වරාය ආශ්‍රිතව නව ආරක්ෂක සැලසුමක් වහාම සකස් කරන ලෙස ද එය ක්‍රියාවට නංවන ආකාරය සම්බන්ධයෙන් තමන් දැනුවත් කරන ලෙස ද අමාත්‍යවරයා වරාය අධිකාරියේ ඉහළ කළමනාකාරීත්වයට දැනුම් දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post