News Line| Off Air
Generic placeholder image

Feb
6

රැකියා විරහිත උපාධිධාරීන් ගණන 57000යි

1280 Views


රැකියා විරහිත උපාධිධාරීන් ගණන 57000යි

ශ්‍රී ලංකාවේ මේ වන විට රැකියා විරහිත උපාධිධාරීන් ගණන 57,000 කට අධික බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. පාර්ලමේන්තුව තුළ ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්ණයක් යොමුකරමින් ඔහු මේ බව කියා සිටියා.

සියලු උපාධිධාරීන්ට රැකියා ලබා දෙන බව පවසමින්, වත්මන් රජය පනස් දහසකට ආසන්න උපාධිධාරීන් සම්මුඛ පරීක්ෂණවලට කැදවීමට ඉකුත් වසරේ කටයුතු කළත් ඉන් රැකියා ලබාදී ඇත්තේ පන්දහස් එකසීයක් (5100) පමණක් බවද ඔහු පෙන්වා දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post