News Line| Off Air
Generic placeholder image

Feb
6

මදූෂ්ව ශ‍්‍රී ලංකාවට පිටුවහල් කරනවාද..? විශේෂ සාකච්ඡාවක් ඇරඹෙයි

1509 Views


මදූෂ්ව ශ‍්‍රී ලංකාවට පිටුවහල් කරනවාද..? විශේෂ සාකච්ඡාවක් ඇරඹෙයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදූෂ් ශ‍්‍රී ලංකාවට පිටුවහල් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට විශේෂ සාකච්ඡා වටයක් ආරම්භ වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා.ඩුබායිහි ප‍්‍රධාන පෙළේ පුවත්පතක් අද (06) වාර්තා කර තිබුණේ මදූෂ් ශ‍්‍රී ලංකාවට පිටුවහල් කළහැකි දැයි ඩුබායි බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බවයි.

මාකඳුරේ මදූෂ් ඇතුළු පිරිස මෙරටට ගෙන්වා ගැනීම සඳහා විදේශ සහ ආරක්ෂක කටයුතු යන අමාත්‍යංශ එක්ව ඉදිරියේදී කටයුතු කරනු ඇති බවටද ශ‍්‍රී ලංකා පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.ඊයේ සිදු කළ මෙහෙයුමකදී මදූෂ් ඇතුළු 25 දෙනෙකු අත්අඩංගුවට ගැණුනා. ඒ, ඩුබායිහි සුපිරි හෝටල් සංකීර්ණයක පැවති සාදයකදීයි. අත්අඩංගුවට ගත් පිරිස අතර රාජ්‍ය තාන්ත‍්‍රික ගුවන් ගමන් බලපත‍්‍රයක් හිමි පුද්ගලයෙකු ද සිටින බව ඩුබායි මාධ්‍ය අද වාර්තා කළා.


News Articles
Latest Videos
Most Popular Post