News Line| Off Air
Generic placeholder image

Feb
6

මාලදිවයින් ජනාධිපති යළි සිය රට බලා පිටත්වෙයි

832 Views


මාලදිවයින් ජනාධිපති යළි සිය රට බලා පිටත්වෙයි

71 වන ජාතික දින සැමරුමේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ඉබ්‍රහිම් මොහොමඩ් සෝලිහ් මහතා ඇතුලු දූත පිරිස මෙරට රාජ්‍ය සංචාරය නිමාකරමින් ඊයේ (05) රාත්‍රීයේ යළි මාලදිවයින බලා පිටත්ව ගියා.

මේ අතර මාලදිවයින් ජනාධිපතිවරයා දිවයිනෙන් පිටත්ව යාමට පෙර ඊයේ පස්වරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී තිබෙනවා.

තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපතිවරයාගේ ආරාධනය මත මාලදිවයින් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස පසුගිය ඉරිදා දිවයිනට පැමිණියා.

දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ඉබ්‍රහිම් මොහොමඩ් සෝලිහ් මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුව ඊයේ කොළඹ දී පැවැත්වූවා.

මාලදිවයින් ජනාධිපතිවරයා ඇතුලු දූත පිරිස විපක්ෂ නායකවරයා හමුවීමෙන් අනතුරුව ඊයේ රාත්‍රී 08.20ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් යළි මාලදිවයින බලා පිටත්ව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post