News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
6

නව පොලිස් ලේඛනාගාරය සහ ශ්‍රී ලංකා පොලිසියේ දත්ත කළමනාකරණ මෘදුකාංගය විවෘත කෙරේ

1352 Views


නව පොලිස් ලේඛනාගාරය සහ ශ්‍රී ලංකා පොලිසියේ දත්ත කළමනාකරණ මෘදුකාංගය විවෘත කෙරේ

ශ්‍රී ලංකා පොලිසිය ප්‍රතිසංවිධානය කිරීමේ එක් පියවරක් ලෙසින් අංක 1 කුමාරන් රත්නම් පාර කොළඹ ටික ලිපිනයේ පිහිටි පර්යේෂණ හා සංවර්ධන කොට්ඨාශයේ ස්ථාපිත කරන ලද නව පොලිස් ලේඛනාගාරය සහ ශ්‍රී ලංකා පොලිසියේ දත්ත කළමනාකරණ මෘදුකාංගය 2019 පෙබරවාරි මස පස්වන දින පස්වරුවේ පොලිස්පති පූජිත ජයසුන්දර මහතා විසින් විවෘත කරනු ලැබුවා.

ලේඛනාගාරය තුළ ශ්‍රි ලංකා පොලිසියේ ඉතිහාසය රාජ පරිපාලනය හා පොලිස් නීති චක්‍රලේඛන පොලිස් ගැසට්පත්‍ර පොලිස් පොරම පොදු පෝරම විවිධ පෝරම ඇතුළු ආඥා පනත් තැන්පත් කර තිබෙනවා ෙම උත්සව අවස්ථාව සඳහා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන වික්‍රමරත්න මහතා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූ අතර ර්යේෂණ හා සංවර්ධන කොට්ටාශයේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිපති මහේෂ් සේනාරත්න මහතා විසින් මෙහි සංවිධාන කටයුතු සිදු කරනු ලැබුවා. මේ එම උත්සවයේ ඡායාරූප කිහිපයක්.


News Articles
Latest Videos
Most Popular Post