News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
7

උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහි නඩුවේ තීන්දුව මාර්තු 1 දා

766 Views


උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහි නඩුවේ තීන්දුව මාර්තු 1 දා

නිසි බලපත්‍රයක් නොමැතිව ඇත් පැටවකු තම සන්තකයේ තබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව මාර්තු මස 1 දා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය අද (07) දැනුම් දුන්නා.

අද දින මෙම නඩුව මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා ඉදිරියේ කැදවු අවස්ථාවේ පැමිණිලි සහ විත්ති පාර්ශවයේ සියලු වාචික දේශන අවසන් කරන ලදී .

පැමිණිලි පාර්ශවයේ සහ විත්ති පාර්ශවයේ සාක්ෂි විමසීම මීට පෙර දිනක අවසන් කර තිබුණි.

වසන්ත සේනානායක මහතා වනජීවි නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසට කටයුතු කළ අවදියේ වනාන්තර වලින් අල්ලා ගන්නා අලි පැටවුන් මුදලට ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොනු කර තිබුණි . ඒ සම්බන්ධයෙන් වසන්ත සේනානායක මහතා මීට පෙර මෙම නඩුව සම්බන්ධයෙන් සාක්ෂි ලබා දී තිබුණි.

පූජ්‍ය උඩුවේ ධම්මාලොක හිමියන්ට එරෙහිව වන සත්ව හා වෘක්ෂ ලතා ආඥා පනත සහ පොදු දේපල පනත යටතේ අධි චොදනා දෙකක් ගොනු කර තිබෙනවා.

වර්ෂ 2015 ජනවාරි මස 28 දා කිරුළපන ඇලන් මැතිනියාරාමයේ ලියාපදිංචි නොකළ ඇත් පැටවකු පොදු දේපලක් ලෙස දැන දැන ලග තබා ගනිමින් මෙම වරදවල් සිදු කර ඇති බවට නීතිපතිවරයා චෝදනා කර සිටියි.


News Articles
Latest Videos
Most Popular Post