News Line| Off Air
Generic placeholder image

Feb
7

මදුෂ් ඩුබායි පැමිණ ඇත්තේ ව්‍යාජ ගමන් බලපත‍්‍රයකින් බව හෙළිවෙයි, මෙරට පුද්ගලයෙකුගේ සහ පකිස්ථාන ගමන් බලපත්‍රයකුත් ලග තිබිලා..?

711 Views


මදුෂ් ඩුබායි පැමිණ ඇත්තේ ව්‍යාජ ගමන් බලපත‍්‍රයකින් බව හෙළිවෙයි, මෙරට පුද්ගලයෙකුගේ සහ පකිස්ථාන ගමන් බලපත්‍රයකුත් ලග තිබිලා..?

අත්අඩංගුවට ගත් මාකදුරේ මදූෂ් ඩුබායි රාජ්‍යයට පැමිණ ඇත්තේ ව්‍යාජ ගමන් බලපත‍්‍රයකින් බවද හෙළි වී තිබෙනවා. මෙරට පුද්ගලයෙකුට අයත් විදෙස් ගමන් බලපත‍්‍රයක් සහ පාකිස්ථාන විදෙස් ගමන් බලපත‍්‍රයක්ද ඔහු සතුව ඇති බවයි වාර්තා වන්නේ. මාකදුරේ මදූෂ් මීට පෙර අවස්ථා දෙකකදීද ඩුබායි රාජ්‍යයේදී මෙවැනි සාද පවත්වා ඇති අතර එම අවස්ථාවලදීද මෙරට කලාකරුවන් කිහිපදෙනෙකු එම සාදවලට එක්වී ඇති බවටයි තොරතුරු අනාවරණ වී තිබෙනවා.එමෙන්ම මීට පෙර ඩුබායිහි පැවති සාදවලට එක්වූ කලාකරුවන්ට මුදල්වලට අමතරව මාකදුරේ මදූෂ් විසින් නවීන පන්නයේ ජංගම දුරකතන ඇතුළු වටිනා ත්‍යාග ද පිරිනමා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මාතර වැලිගම ප්‍රදේශයේ හෝටල් හිමිකරුවෙකු වන සන්ෂයින් සුද්දා නමින් හඳුන්වන පුද්ගලයෙකුද සැකකරුවන් අතර සිටින බවට මේ වන විට අනාවරණය වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post