News Line| Off Air
Generic placeholder image

Feb
7

මධුෂ්ගෙන් ඩුබායි පොලීසිය ප්‍රශ්න කිරීම අරඹයි, විශේෂ තොරතුරු රැසක් එළියට..?

1333 Views


මධුෂ්ගෙන් ඩුබායි පොලීසිය ප්‍රශ්න කිරීම අරඹයි, විශේෂ තොරතුරු රැසක් එළියට..?

ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත් පිරිස අතර සිටි මාකඳුරේ මධුෂ් අතුළු සංවිධානාත්මක අපරාධකරුවන් කීපදෙනාගෙන් ඩුබායි පොලීසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින බව ඩුබායි ආරක්ෂක ආරංචිමාර්ග සඳහන් කරයි.මෙම ප්‍රශ්න කිරීම් සඳහා මෙම මෙහෙයුමට සම්බන්ධව සිටි විශේෂ කාර්ය බළකායේ බුද්ධි නිලධාරීන් සම්බන්ධවී සිටින බවත් මේ වනවිටත් විශේෂ තොරතුරු රැසක් හෙළිකරගෙන තිබෙන බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ඩුබායි පොලීසිය විසින් මාකඳුරේ මධුෂ් ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් සතුව තිබූ දුරකථනවල දුරකථන වාර්තා ලබා ගැනීමටත් ඔවුන් මත්ද්‍රව්‍ය පානය කර තිබේද යන්න පිළිබඳව තහවුරු කර ගැනීමට රුධිර පරීක්ෂණ කටයුතුද සිදුකර තිබෙන බවටද වාර්තාවෙනවා.අත්අඩංගුවට පත්වූ පිරිසට ව්‍යාජ ගමන් බලපත්‍ර, ව්‍යාජ වීසා බලපත්‍ර ළඟ තබාගැනීම හා මත්කුඩු ළඟ තබාගැනීම, මත්කුඩු පානය කිරීම යන චෝදනා එල්ලවී ඇති බවත් සඳහන්.


News Articles
Latest Videos
Most Popular Post