ඩුබායිහිදී අත්අඩංගුවට ගැණුනු මාකදුරේ මදූෂ් ඇතුළු සැකකරුවන් රුධිර පරීක්‍ෂාවකට යොමුකර තිබෙනවා.එම සැකකරුවන් අල් රෆා පොලීසියට රැගෙන ඒමෙන් පසු අල් රෆාහි රෝහලකදි රුධිර පරීක්‍ෂාවකට යොමුකර ඇති බවයි වාර්තා වෙන්නේ.එම පරීක්‍ෂාවේදී සැකකරුවන් අතර සිටින යම් අයෙකු විෂ මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට අනාවරණ වුවහොත් ඔවුන් මෙරටට ගෙනඒමේ හැකියාවක් නොලැබෙනු ඇති බවයි පැවසෙන්නේ.
ඒ, මත්ද්‍රව්‍ය භාවිත කර ඇති පුද්ගලයන්ට එරෙහිව එරට නීතිය යටතේ ඉදිරි කි‍්‍රයාමාර්ග ගැනීමට සිදුවීම හේතුවෙන්. පාතාල කි‍්‍රයාකාරකම්වලට සම්බන්ධ අයෙකු වුවද මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන චෝදනා නොමැති නම් මෙරටට ගෙන්වා ගැනීමට හැකිවනු ඇති බවද වැඩිදුරටත් වාර්තා වුණා.මදූෂ් ඇතුළු පිරිස මේ වනවිට අල් රෆා සහ මුරකාබාද් යන පොලිස් ස්ථානවල රඳවා සිටින බවයි වාර්තා වන්නේ. ඔවුන් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවලින් අනතුරුව ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ඇති නීතිමය තත්ත්වයන් සලකා බලනු ඇති.