ඩුබායි හෝටලයකදී අත් අඩංගුවට ගත් අපරාධ කල්ලි නායක මාකඳුරේ මදූෂ් ඇතුළු පිරිස මේ වන විට ඩුබායිහි බන්ධනාගාරයක රඳවා සිටිනවා. ඩුබායි පොලිසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්ද ආරම්භ කර ඇති බවයි.මදූෂ් ඇතුළු සෙසු සැකකරුවන්ගේ රුධිර සාම්පලද ඩුබායි පොලිසිය විසින් ලබාගෙන ඇති අතර එය ඔවුන්ගේ රුධිරයේ අඩංගු මත්ද්‍රව්‍ය පිළිබඳව නිගමනය කිරීම සඳහායි.
අත්අඩංගුවට ගත් පිරිස අතර මහජන නියෝජිතයින් දෙදෙනෙක්ද සිටින බව මාධ්‍ය වාර්තා වල සඳහන්. උදර්පන නීතිය යටතේ මෙම සැකකරුවන් මෙමසැකකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට බාධාවක් මතුව තිබෙනවා.තානාපති කාර්යාල සබඳතා තුළින් එම කටයුතු සිදු කර ගැනීමට අවධානය යොමු කළ යුතු බවයි ජැමෙයිකා තාක්ශන විශ්වවිද්‍යාලයේ නීති පීඨාධිපති ආචාර්යය ප්‍රතිභා මහනාම සඳහන් කළේ.
මව් රටේදී වරදක් සිදු කොට වෙනත් රටක අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එම සැකකරු යළි මව් රටට ගෙන ඒම සඳහා අදාල වන නීති හා රෙගුලාසි උදර්පන නීතිය යටතට ගැනෙනවා. මේ සම්බන්ධයෙන් සියත ප්‍රවෘත්ති නීතීඥ නිලන්ත හෙට්ටිගේ මහතාගෙන් විමසා විටියා.