News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
7

අද එනවා කියූ ජාතික ආණ්ඩු යෝජනාව අද පාර්ලිමේන්තුවට නෑ

608 Views


අද එනවා කියූ  ජාතික ආණ්ඩු යෝජනාව අද පාර්ලිමේන්තුවට නෑ

ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට අදාළ යෝජනාව අද (07දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.

තවත් පාර්ශ්ව කිහිපයක් සමග සාකච්ඡා කර ශක්තිමත් ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීම පිළිබඳව අවධානය යොමුකරමින් එම පක්ෂය මෙම තීරණය ගෙන තිබෙනවා.

පාර්ලිමේන්තුවේ ඊයේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී බහුතර විරෝධය නොතකමින් එක්සත් ජාතික පක්ෂය අද දිනයේදි ජාතික ආණ්ඩුව සඳහා වන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තනිව තරගකරමින් ලබාගත් මන්ත්‍රීධුරයක් සමග ඔවුන් මෙම ජාතික ආණ්ඩුව නිර්මාණය කිරීමට සූදානම් වෙනවා.

මෙහිදී කැබිනට් අමාත්‍යධුර සංඛ්‍යාව 30 සිට 48 දක්වාත් රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යධුර සංඛ්‍යාව 40 සිට 45 දක්වා වැඩි කරගැනීමටත් එක්සත් ජාතික පක්ෂය අවධානය යොමුකර තිබෙනවා.

කෙසේ වෙතත් මේ සඳහා ජනපතිවරයා ඇතුළු බොහෝ පාර්ශ්වයන්ගෙන් විරෝධය එල්ල වි තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post