News Line| Off Air
Generic placeholder image

Feb
8

අත්අඩංගුවට ගද්දි මදුෂ් කෝටි 05ක් අල්ලස් ලෙස දෙන්න හදලා

1344 Views


අත්අඩංගුවට ගද්දි මදුෂ් කෝටි 05ක් අල්ලස් ලෙස දෙන්න හදලා

අත්අඩංගුවට ගෙන සිටින පාතාල නායක මාකදුරේ මධුෂ් ඇතුළු පිරිස සම්බන්ධයෙන් ඩුබායි බලධාරින් සිදුකරනු ලබන විමර්ශන අවසන් කිරීමට දින 14ක කාලයක් ගත වන බව වාර්තා වෙනවා.

ඒ එම රටේ බළධාරින් විසින් සිදුකරනු ලබන විමර්ශන සහ ප්‍රශ්න කිරිම් සදහා දින 14ක කාල සීමාවක් මෙම පිරිස අත්අඩංගුවේ තබා ගැනිමේ නිතිමය හැකියාවක් තිබිම හේතුවෙන්.

ඩුබායි නිතියට අනුව කිසියම් පුද්ගලයෙකු තහනම් මත්ද්‍රව්‍ය භාවිත කර තිබෙන බවට ඔප්පු වුවහොත් එම පුද්ගලයා සම්බන්ධයෙන් ඩුබායි නිතිය අනුව කටයුතු කෙරෙන අතර වෙනත් රටකින් සිදුවන ඉල්ලීම් සම්බන්ධයෙන් සලකා බැලීමක් සිදු නොකරන බවයි වාර්තා වෙන්නේ.

මේ අතර මාකඳුරේ මධුෂ් වෙනුවෙන් ඩුබායි අධිකරණය හමුවේ පෙනී සිටීමට නීතිඥයින් 12 දෙනෙක් ගෙන් යුත් කණ්ඩායමක් සුදානම්ව සිටින බවයි එරටින් ලබෙන තොරතුරු අනාවරණ කරන්නේ. මෙම නීතිඥයින් විදෙස් රටක පිහිටි ප්‍රසිද්ධ නීතිඥ සමාගමක නීතිඥයින් කණ්ඩායමක් බවත් මධුෂ් වෙනුවෙන් මිලියන ගණනක මුදලක් වියදම් කිරීමට මධුෂ් සමග මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත ඔහුගේ හිතවතුන් පිරිසක් කටයුතු කරමින් සිටින බව අනාවරණය වී තිබෙනවා.

මේ අතර මධුෂ් අත්අඩංගුවට ගැනීම සඳහා ඩුබායි මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කටයුතු කළ අවස්ථාවේදී ඔහු සතුව රුපියල් මෙරට මුදල් වල වටිනාකමින් යුත් කෝටි 05කට ආසන්න මුදලක් තිබී ඇති අතර ඔහු එම මුදල් අල්ලස් වශයෙන් පොලිස් නිලධාරීන්ට ලබදිමට උත්සහ දරා ඇති බවද වාර්තා වනවා. මේ හේතුවෙන් අල්ලස් ලබා දීමට තැත් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ද මධුෂ්ට එරෙහිව ඩුබායි අධිකරණය මගින් නීතිමය පියවර ගනු ඇති බව වාර්තා වෙනවා.

මේ අතර අද (08) දිනයේදී මාකඳුරේ මධුෂ්ගේ කඹුරුපිටියේ පිහිටි නිවස අද පොලිසිය විසින් පරික්ෂා කර තිබෙනවා. එහිදී මධුෂ්ගේ නිත්‍යානුකුල බිරිඳ ගෙන් සහ ඇයගේ මව්පියන් ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post