News Line| Off Air
Generic placeholder image

Feb
8

දින 39 කදී හෙරොයින් සමග සැකකරුවන් 4370 ක් අත්අඩංගුවට

1061 Views


දින 39 කදී හෙරොයින් සමග සැකකරුවන් 4370 ක් අත්අඩංගුවට

වසරේ ගත වූ දින 39 ක කාල සීමාව තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 113 ක් අත්අඩංගුවට ගෙන තිඛෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කළේ සැකකරුවන් 4 370 ක් හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බවයි.

වසරේ ගත වූ කාල සීමාව තුළ ගංජා කිලෝ 956 ක් අත්අඩංගුවට ගෙන තිඛෙනවා. ගංජා ළග තබාගෙන සිටි සැකකරුවන් ගණන 4 448 ක්.

කොකේන් කිලෝ 02 ක් සහ සැකකරුවන් 16 දෙනෙකු මේ වසරේ ගත වූ කාල සීමාව තුළ අත්අඩංගුවට ගෙන තිඛෙනවා. 2015 වසරේ සිට ගත වූ වසර 03 තුළ පමණක් සොයාගෙන ඇති හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 1 412 ක්.

ගත වූ වසරේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවන් 40 987 ක් අත්අඩංගුවට ගෙන තිඛෙනවා. එම වසරේ සොයාගත් හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 739 ක්.

මේ අතර ඩුබායිහිදී අත්අඩංගුවට ගත් මාකදුරේ මධූෂ් ඇතුලූ පිරිස අතර රාජ්‍ය තාන්ති්‍රක බලපත්‍රයක් හිමි කිසිවෙකු නොමැති බව අභ්‍යන්තර ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල අද පාර්ලිමේන්තුවේදී සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post