News Line| Off Air
Generic placeholder image

Feb
8

පොහොට්ටුවේ මිලියන 21ක ඉතිරියක්

658 Views


පොහොට්ටුවේ මිලියන 21ක ඉතිරියක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 2018 වර්ෂයට අදාළ ලැබීම් හා ගෙවීම් ඇතුළත් ගිණුම් ප්‍රකාශනය මැතිවරණ කොමිෂන් සභාවට ලබාදුන් බව එම පක්ෂයේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

2018 වර්ෂයට අදාළ ගිණුම් වාර්තාව මැතිවරණ කොමිසමට ලබාදුන් පළමු පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවද ඒ මහතා සඳහන් කළා.

පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ගේ දායකත්වයෙන් සහ පක්ෂ සාමාජිකයන්ගේ මුදල් මගින් පසුගිය වසරේදීරුපියල් මිලියන 21ක් ඉතිරි කිරීමට හැකියාව ලැබුණු බවද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළාය.

අදාළ ගිණුම් ප්‍රකාශනය සාමාජිකයන් අතට පත් කිරීමට කටයුතු කරගෙන යන බවත්, ඒ ආකාරයට ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක් ලැබීම් හා ගෙවීම් සහිත වාර්ෂික ගිණුම් ප්‍රකාශනය පක්ෂ සාමාජිකයන් අතට පත්කිරීම වාර්තාවක් බවත් ඒ මහතා කීය.

එක්සත් ජාතික පක්ෂය විපක්ෂයේ සිටින අවස්ථාවේ සිරිකොත මූලස්ථානයේ විදුලිබිල ගෙවාගැනීමට නොහැකිව සිටි බවත්, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජය සමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන කාර්යාලය නඩත්තු කරගැනීමට නොහැකිව වසා දැමූ බවත් පෙන්වා දෙන බැසිල් රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණ රුපියල් මිලියන 21ක් ඉතිරි කර තිබීම ගැන ආඩම්බර වන බවද කියා සිටියේය.


News Articles
Latest Videos
Most Popular Post