News Line| Off Air
Generic placeholder image

Feb
8

මදුෂ් සමග අත්අඩංගුවට ගත් පස් දෙනෙකුගේ නිවෙස් පොලිස් පරික්ෂාවට

873 Views


මදුෂ් සමග අත්අඩංගුවට ගත් පස් දෙනෙකුගේ නිවෙස් පොලිස් පරික්ෂාවට

මාකඳුරේ මදුෂ් සමග ඩුබායිහිදි අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් පස්දෙනෙකුගේ නිවෙස් පොලීසිය මගින් අද (08) පරීක්ෂාවට ලක් කර තිබෙනවා. ඩුබායිහිදී අත්අඩංගුවට පත්ව සිටින අවිශ්ක කවිශාන් නොහොත් ‘‘ජංගා’’ නමැත්තාගේ ගන්දර පිහිටි නිවෙස සෝදිසි කර ඇත්තේ ගන්දර පොලීසිය විසින්. එහි තිබී ටී 56 උණ්ඩ 26ක්, යුද හමුදා නිල ඇඳුම් 18ක් සහ හිස් උණ්ඩ කොපු 30ක් සොයා ගෙන තිබෙනවා. ‘‘ජංගා’’ නමැත්තාගේ පියාගේ සොහොයුරෙක් ද පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි මාධ්‍යය වෙත වාර්තා වුණේ.

මාකඳුරේ මදුෂ්ගේ පාසල් මිතුරන් වන ලංකා සජිත් පෙරේරා, චරිත් කොඩිකාර යන දෙදෙනාගේ නිවෙස් පරීක්ෂාවට ලක් කර ඇත්තේ කඹුරුපිටිය පොලීසිය විසින්. බුබායිහිදී අත්අඩංගුවට ගැනුණු ශෙල්ටන් ද සිල්වා නොහොත් කුමාර නමැත්තාගේ සහ බන්ධනාගාර හිටපු බුද්ධි අංශ නිලධාරියෙකු වන ලලිත් කුරේ නමැත්තාගේ නිවෙස් ද අද පොලීසිය මගින් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

වැලිගම මිරිස්ස, ප‍්‍රදේශයේ පිහිටි සන්ෂයින් සහ සීක‍්‍රට් බීච් නමැති හෝටල් පරිශ‍්‍රයන් හදිසි පරීක්ෂාවට ලක් කර ඇත්තේ මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මෙහෙයවූ විශේෂ පොලිස් කණ්ඩායම් 02ක් විසින්. එම හෝටල් 02 ඩුබායිහිදී අත්අඩංගුවට ගැනුණු සන්ෂයින් සුද්දාගේ සහ ඔහුගේ සොහොයුරෙකුට අයත් ඒවා බවයි පැවසෙන්නේ. එම හෝටල් 02කේ ශබ්ද විකාශන බලපත‍්‍ර අවලංගු කිරීමට ද පොලීසිය කටයුතු කර තිබෙනවා.

අදාළ පරීක්ෂාවේදී සන්ෂයින් සුද්දාට අයත් හෝටලයේ තිබී ඩුබායිහිදී අත්අඩංගුවට ගැනුණු පිරිස අතර සිටින රංගන ශිල්පී රයන් වැන්රෝයන්ගේ මෝටර් රථය ද හමුවී තිබෙනවා. එහි තිබී කේරළ ගංජා ග‍්‍රෑම් 05ක් ද සොයා ගැනුණු බවයි පොලීසිය පැවසුවේ. මාකඳුරේ මදුෂ්ගේ සාදයට සහභාගී වීම සඳහා රංගන ශිල්පී රයන් වැන්රෝයන්, ගායන ශිල්පී අමල් පෙරේරාගුවන් තොටුපළ බලා පිටත්ව ගොස් ඇත්තේ සන්ෂයින් සුද්දාට අයත් එම හෝටලයේ සිට බවට ද මේ වනවිට තොරතුරු අනාවරණ වි තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post