News Line| Off Air
Generic placeholder image

Feb
8

රංගන ශිල්පී රයන්ගේ රහසිගත බෑගය කුඩු ප්‍රවාහනයට යොදා ගත් මලු වලට සමානයි, පරීක්ෂණ කටයුතු දිගටම

1925 Views


රංගන ශිල්පී රයන්ගේ රහසිගත බෑගය කුඩු ප්‍රවාහනයට යොදා ගත් මලු වලට සමානයි, පරීක්ෂණ කටයුතු දිගටම

ඩුබායිහිදී අත්අඩංගුවට පත් වූ රංගන ශිල්පී රයන් වැන්රෝයන්ගේ දෙහිවල, අත්තිඩිය ප‍්‍රදේශයේ පිහිටි නිවසේ තිබී සොයාගත් සැකකටයුතු ගමන් මල්ල පිළිබද තවදුරටත් පුළුල් පරීක්‍ෂණ කි‍්‍රයාත්මක වෙනවා. ඊයේ පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අදාළ නිවස පරීක්‍ෂාවට ලක්කරනු ලැබුවා. එහිදී සොයා ගැණුනු රහසිගත සිදුරක් සහිත කළු පැහැති අදාළ ගමන් මල්ල කුමන කටයුත්තක් සදහා භාවිත කළේ දැයි සොයා පරීක්‍ෂණ කි‍්‍රයාත්මක බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරනවා.

අදාළ ගමන් මල්ල ඉකුත්දා දෙහිවල අත්තිඩිය ප‍්‍රදේශයේදී විදේශිකයින් දෙදෙනෙකු සමග අත්අඩංගුවට ගත් හෙරොයින් අසුරා තිබූ ගමන් මළුවලට සමාන බව මූලික පරීක්‍ෂණවලදී අනාවරණ වී තිබෙනවා. රංගන ශිල්පී රයන් වැන්රෝයන්ගේ නිවසේ තිබි සොයාගත් ගමන් මල්ල හෙරොයින් ප‍්‍රවාහනයට යොදාගෙන ඇත්දැයි සොයා මේ වනවිට පරීක්‍ෂණ කි‍්‍රයාත්මක බවයි දැනගන්නට ලැබුණේ.මීට අමතරව රංගන ශිල්පී රයන් වැන්රෝයන්ගේ නිවසේ තිබි මත්ද්‍රව්‍ය කිරීමට යොදාගන්නා ඩිජිටල් තරාදියක්ද සොයා ගැණුනා. ඒ අවස්ථාවේ අදාළ නිවසේ සිටි රංගන ශිල්පී රයන් වැන්රෝයන්ගේ සොහොයුරා ද සැකපිට අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post