News Line| Off Air
Generic placeholder image

Feb
9

මදූෂ් සමග සිටි අට දෙනෙක් නිදහස් – තිස් එක් දෙනෙකුගේ රුධිරයේ කොකේන්

1563 Views


මදූෂ් සමග සිටි අට දෙනෙක් නිදහස් – තිස් එක් දෙනෙකුගේ රුධිරයේ කොකේන්

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන මාකදුරේ මදූෂ් සමග සිටි තිස් එක් දෙනෙකුගේ රුධිර සාම්පලවල කොකේන් මත්ද්‍රව්‍ය අඩංගු වී තිබෙන බව එරට සිදු කරන ලද පරීක්‍ෂණයෙන් අනාවරණ වී තිබේ. එම පිරිස හෙට දිනයේ ඩුබායි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

මාකදුරේ මඳූෂ් සමග අත්අඩංගුවට ගැණුනු පුද්ගලයින් 8 දෙනෙකු ඊයේ මුදාහැර තිබෙනවා. ඔවුන්ගේ ශරීරයේ මත්ද්‍රව්‍ය අඩංගු වී නොමැති බවයි අනාවරණ වී ඇත්තේ. නිදහස් වු පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකුද වනවා. ඉකුත්දා ඩුබායිහිදී අත්අඩංගුවට ගැණුනු මෙම පිරිස අතර ගායන ශිල්පි අමල් පෙරේරා සහ රංගන ශිල්පී රයන් වැන්රොයන් ද වෙනවා.

මේ අතර මාකඳුරේ මඳූෂ් සමග ඩුබායිහිදි අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් පස්දෙනෙකුගේ නිවෙස් පොලීසිය මගින් ඊයේ පරීක්ෂාවට ලක් කළා. ඩුබායිහිදී අත්අඩංගුවට පත්ව සිටින අවිශ්ක කවිශාන් නොහොත් ‘‘ජංගා’’ නමැත්තාගේ ගන්දර පිහිටි නිවසේ කළ සෝදිසි මෙහෙයුමකදී ටී 56 උණ්ඩ 26ක්, යුද හමුදා නිල ඇඳුම් 18ක් සහ හිස් උණ්ඩ කොපු 30ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ. ‘‘ජංගා’’ නමැත්තාගේ පියාගේ සොහොයුරෙක් ද පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගැණුනා.


News Articles
Latest Videos
Most Popular Post