News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
9

ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වූ තවත් අපේක්ෂකයන් දෙදෙනෙකුගේ නාම යෝජනා ඉවතට

828 Views


ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වූ තවත් අපේක්ෂකයන් දෙදෙනෙකුගේ නාම යෝජනා ඉවතට

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලවරණයට ඉදිරිපත් වූ මොහාන් ද සිල්වා සහ රවීන් වික‍්‍රමරත්නගේ නාමයෝජනා නිලවරණ අභියාචනා කමිටුව විසින් ප‍්‍රතික්‍ෂේප කර තිබේ.

කි‍්‍රකට් නිලවරණයට ඉදිරිපත් වී සිටින හය දෙනෙකුට එරෙහිව විරෝධතා ඉදිරිපත් වී තිබුණා. ඒ අනුව සභාපති ධුරය සදහා ඉදිරිපත් වී සිටි මොහාන් ද සිල්වා සහ උප සභාපති තනතුරට නාමයෝජනා භාරදුන් රවීන් වික‍්‍රමරත්නගේ නාමයෝජනා ප‍්‍රතික්‍ෂේප කිරීමටයි අභියාචනා කමිටුව තීරණය කළේ.

කෙසේවෙතත් විරෝධතා ඉදිරිපත්ව තිබූ ජයන්ත ධර්මදාස සහ ශම්මි සිල්වාට සභාපති ධුරය සදහා තරග වැදීමට සුදුසු බව එම කමිටුව මගින් නිර්දේශ කර තිබෙනවා. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලවරණය ලබන 21 වනදා පැවැත්වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post