News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
9

අද සහ හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට වතුර කපයි

1336 Views


අද සහ හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට වතුර කපයි

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

අද (09) රාත්‍රී 9.00 සිට හෙට(10) පස්වරු 3.00 දක්වා කාලය තුළ කොළඹ 01, 13,14,සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය දැනුම්දුන්නා..

මීට අමතරව අදාළ කාලය තුළ පිටකොටුව ප්‍රදේශ තුළ අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති බවද සඳහන්.

මේ අතර මාර්ග සංවර්ධන කටයුත්තක් හේතුවෙන් රාජගිරිය, ඇතුල්කෝට්ටේ ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට අළුයම 4.00 සිට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටු වීමට නියමිත බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළා.

මොරගස්මුල්ල, ඇතුල්කෝට්ටේ, ඔබේසේකරපුර බණ්ඩාරනායකපුර, නාවල සහ කොස්වත්ත සහ රාජගිරිය සිට නාවල විවෘත විශ්ව විද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගයේ හා ඊට සම්බන්ධ අතුරු මාර්ගවල ජල සැපයුම අත්හිටු වීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post