News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
11

අද ඉන්ධන මිලෙහි වෙනසක් ?

1593 Views


අද ඉන්ධන මිලෙහි වෙනසක් ?

ලෝක ඉන්ධන මිලට සාපේක්ෂව ක්‍රියාත්මක ඉන්ධන මිල සුත්‍රයට අනුව නවතම ඉන්ධන මිල ගණන් අද දිනයේදී ප්‍රකාශයට පත් කරන බව මුදල් අමාත්‍යාංශය සදහන් කරනවා.ඉකුත් ජනවාරි මස 10 වනදා ඉන්ධන මිල සුත්‍රයට අනුව පෙට්ට්‍රල් සහ ඩිසල් ලීටරයක මිල රු. 2 කින් හා සුපිරි ඩිසල් ලීටරයක් රු. 3 කින් අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගනු ලැබුවා. එලෙස මිල ගණන් පහත දැමු අවස්ථාවේදී ලෝක වෙළදපලේ බොරතෙල් බැරලයක මිල සටහන් වුයේ අමෙරිකානු ඩොලර් 59ක් විදිහටයි. නමුත් ජනවාරි මස අවසානය වන විට බ්‍රෙන්ට් තැරැව්කාර සමාගමේ මිල දර්ශකයට අනුව බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 62.10ක් ලෙස ඉහළ ගොස් ඇත.

ඔපෙක් සංවිධානය සිය දෛනික බොරතෙල් නිෂ්පාදනය කපා හැරීමට ගෙන ඇති තීරණය සහ වෙනිසියුලාවේ පවතින අර්බුධකාරී තත්ත්වය මත ඉදිරියේදී බොරතෙල් මිල තවත් ඉහළ යනු ඇති බවට විශේෂඥයින් මත පළකර තිබෙනවා. මේ තත්වය අනුව ඉන්ධන මිලෙහි වැඩි වීමක් සිදුවනු ඇති බවට මත පලවී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post