News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
11

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

1001 Views


අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට ඉන්ධන මිල සුත්‍ර කමිටුව තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු. 6කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු5කින් ද, ඩීසල් ලීටරයක් රු:4කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රු:08 කින් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව නවතම මිල ගණන් අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු.129ක් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු.152ක් වෙනවා.

ඩිසල් ලීටරයක නවතම මිල වන්නේ රු. 103ක් ලෙසයි. එමෙන්ම සුපිරි ඩිසල් ලීටරයක මිල රු. 126ක් ලෙස ඉහළ යනු ඇති.

ඩිසල් ලීටරයක මිල රු. 9.59කින් වැඩි කළ යුතුව තිබුනත් ආණ්ඩුව විසින් මහජනතාවට සහ ප්‍රවාහන කේෂ්ත්‍රයට බලපෑමක් ඇති නොවන පරිදි ඩිසල් ලීටරයක් රු. 4කින් පමණක් ඉහල දැමීමට තීරණය කළ බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post